Wednesday, April 10, 2013


කියන් මගේ ආදරී. ..

අකීකරු හිත ලඟ

දඟ කෙරුව සුරතලී
සිහිනෙන්ද ඔබ ආවෙ
කියන් මගෙ ආදරී. ..

ජීවිතෙ තාලයට තැනූ
අත්වැල ඔබේ
හැමදාම තිබුනනම්
සුන්දරයි ජීවිතේ
අඩවන්වු දෙනෙත් ලඟ
ගුලිවෙලා ආදරෙන්
මැවු සිහින බර වැඩිද 
කියන් මගේ ආදරී. ..

පපුතුරේ සැඟවිලා 
උනුහුමට ආදරෙන්
දොඩපු ආදර කතා
බොරු නේද ආදරී
නුඹේ හිත පිරෙන්නම 
මම දුන්නු ආදරේ
නුඹට ඒ මදි උනාද
   කියන් මගේ ආදරී. ...

මගෙ හුස්ම නුඹෙ හුස්ම
වගෙ කිව්ව ආදරී
මියෙනතුරු ලඟ ඉන්න 
මට කිව්ව ආදරී
හිතකින්ද ඔබ ගියේ
කියන් මගෙ ආදරී. . ..

2 comments:

  1. ලස්සනයි...දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  2. ඉස්කොතුයි ඇ ^_^

    ReplyDelete