බෝ මලුව නිහඬ වී අදත් පන්සල පාලුයි
සුදු පාට මල් ගවුම නැතිව සිත කලඹයි
වෙනද මෙන් ඇය නැතිව මටත් හරි පාලුයි
කහ සිවුර පොරෝගෙන ඉන්න මට ලෝබයි...
බුදු හිමිගේ පාමුලට වැටී සිත හඬවයි
ආදරය අකැපයිද මගේ සිත විමසයි
පාලුවට ගියපු සිත තවම මගේ කෝඩුයි
කහ සිවුර හැරයන්න ඉතින් මට සිහිවෙයි. ..
කුලුඳුලේ ආදරය පිපි මලක් විලසයි
හැඩ වෙද්දි පේවෙද්දි හිතත් හරි සුවඳයි
පන්සලේ සිල් සුවඳ තාම මට නුහුරුයි
ආදරේ අරන් එන සුලඟ හරි මිහිරියි....
අන් හිතක රැඳුනු ඔබෙ හිතත් හරි පුදුමයි
මට අහිමි පුන් සඳක එලිය මට අකැපයි
සංසාරෙ කෙලවරක නිවන මගෙ පැතුමයි. .
![]() |
අතින් අත නුබ අත දරා
ReplyDeleteනොයෙක බව තුල පෙම් කරා
ඉතිං අවසර නිමකරා
නුබ බැන්ද බැමි මග අරා