Wednesday, April 10, 2013

ඔබේ ඔය ආදරේ.. .


ලෙන්ගතුයි හැමදාම
සොඳුරු ඔබෙ හද මඩල
සුන්දරයි හැමදාම
සොඳුරු ඔබෙ වත කමල
අහිංසක දෙනෙත් යට
සැඟවිලා හොර රහසේ
විඳින්නට අවසරයි
ඔබේ ඔය ආදරේ. .

පාලුවට ගිය මගේ
හිත් යාය වපුරලා
උනුහුමට මගෙ හිතේ
ආදරේ ගුලි කලා
ඇස් වලින් සිනාසි
හෙමි හෙමින් ඉඟි කලා
මගෙ පාලු හද කුටියේ
  මා අතරමං කලා...


2 comments:

  1. ලෙන්ගතුම සිත තමයි හදවතින් පතන්නේ
    ඉවතලා නොයන ලෙස තද කරන් සිටින්නේ
    විදවලා ජීවිතය මින් පෙරද තියෙන්නේ
    විදින්නට පළමු වර අද ද නුබ හදන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කොතුයි කොමෙන්ටුවට :)

      Delete