සඳු නුඹ හට.. .
හදට ලංවී තුරුලු වී ගෙන රහස මට දැන් කියන්න
තවම තනිකඩ වෙලා මගෙ හිත තියේදැයි මේ බලන්න
සොඳුරු හැඟුමක ගැඹුරු තැන හිඳ එපා ඔය හැටි හිතන්න
ආදරේ හරි පුදුම විදියට දැනෙනවාදැයි කියන්න. .. .
වරක් දෙවරක් සැනසිලා නම් ඔය හිතේ හැටි අහන්න
හිඳිමි සදහට නුඹ ලඟින් මම ඉඩක් පොඩියට තියන්න
රෝස මල් වගෙ මෙලෙක නෑ මේ ආදරේ ගැන අහන්න
දුකම පමනක් විඳව ගන්නට නුඹට බැරිනම් කියන්න. ..

වචන හැඩ කර ආල කෙරුවට සොඳුරු නෑ මේ අහන්න
ජීවිතේ අපෙ පාට අඩු බව නුඹත් හොඳ හැටි හිතන්න
ගලන කඳුලැලි සඟවගෙන හරි ජීවිතෙ නුඹ විඳින්න
සඳු නුඹ හට දැනෙයි විගහට ආදරේ ඒ විඳින්න. ..

සොදුරු කවි පද තාල ගැලපුව
ReplyDeleteහදට ලංකර ඉතා මිහිරිව
නො දනිමිය කියනු අනිකක
නුබ දරන ඒ අනුහසම මිස
ලස්සන ම ලස්සනයි මල්ලියෝ
ReplyDelete